තවත් ඉන්ධන පෝලිම් මරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

තවත් ඉන්ධන පෝලිම් මරණයක්

තවත් ඉන්ධන පෝලිම් මරණයක්

ඉන්ධන පෝලිමක රැඳී සිටියදී ජීවිතක්ෂයට පත්වූ ත්‍රී රෝද රථ රියදුරෙකු පිළිබඳ කැකිරාව ඉපලෝගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 

පිරවුම්හලෙන් ඉන්ධන ලබා දෙන බව දැනගත් වහාම  අදාළ පුද්ගලයා ඉන්ධන ලබා ගැනීම සඳහා සිය යතුරු පැදියෙන් ටැංකිය ද ගලවාගෙන මිතුරෙකු සමග පෝලිමට පැමිණ තිබෙනවා.

 

මෙලෙස පෝලිමේ රැඳී සිටියදී එක්වරම සිහිසුන්ව මෙම පුද්ගලයා ඇද වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

 

මියගිය පුද්ගලයා අවුකන ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි දෙදරු පියෙක්.

views

229 Views

Comments

arrow-up