සෙංකඩගල ප්‍රකාශනය ශ්‍රී දළදා මාළිඟාවේ දී එළිදැක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

සෙංකඩගල ප්‍රකාශනය ශ්‍රී දළදා මාළිඟාවේ දී එළිදැක්වෙයි

සෙංකඩගල ප්‍රකාශනය ශ්‍රී දළදා මාළිඟාවේ දී එළිදැක්වෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීමට පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු වලින් සමන්විත සෙංකඩගල ප්‍රකාශනය ඊයේ(08) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී එළි දැක්වුණා.


මේ සඳහා මහා සංඝරත්නය මෙන්ම අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු ආගමික නායකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගී වී තිබුණා.


ගෝඨාභය රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධූරයෙන් කොන්දේසි විරහිතව ඉල්ලා අස් වීම ඇතුළු කරුණු ඇතුලත් මෙම ප්‍රකාශනය සඳහා මහා සංඝරත්නය සෙසු ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අත්සන් තැබීමෙන් අනතුරුව ආදාල ලියැවිල්ල මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවා.

 

views

262 Views

Comments

arrow-up