විදුලි බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් හිඟයක්

විදුලි බලාගාර වලට අවශ්‍ය දැවි තෙල් හිඟයක් පවතින බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසා සිටිනවා.
ඒ අනුව කැලණිතිස්ස බලාගාරයේ විදුලිය නිෂ්පාදනය කරන කම්බයින් සර්කල් යන්ත්‍රයට දින 2කට පමණක් ඉන්ධන පවතින අතර සපුගස්කන්ද බලාගාරයේ යන්ත්‍ර දෙකකට දින හතරකට පමණක් බවත් වෙස්ට්කොස්ට් බලාගාරයේ පවතින්නේ දින 2කට අවශ්‍ය තෙල් සංචිත පමණක් බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
සොජිස්ට් බලාගාරය හා උතුරු ජනනී බලාගාරය ඉන්ධන නොමැති වීම හේතුවෙන් තාවකාලිකව නවත්වා තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
258 Views
Comments