ලංකාවේ ආර්ථිකය හිටි හැටියේ නතර වේවි - මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව විසින් ලබාගත් ණය ආපසු ගෙවන ලෙස ඉල්ලමින් හැමිල්ටන් රිසර්ව් බැංකුව ඇමරිකාවේ නඩු පැවරීම මෙරටට අවාසි විය හැකියැයි බවයි.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික කඩා වැටීම ඉදිරියේදී තවත් දරුණු වනු ඇති බවත් , ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන නගර වලට සිදු වූ විනාශයට සමාන ආර්ථික විනාශයක් ශ්‍රී ලංකාවට සිදුවන බවත් , ජනතාවගේ කැපවීම් තුළින් අවුරුදු 10 කින් පමණ මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ලංකාවට හැකි විය හැකි බවත් ඔහු පවසා සිටී.
278 Views
Comments