JUL
09
හිස් වැසුම ගලවා පොලිස් නිලධාරියෙක් අරගලයට එක්වෙයි

හිස් වැසුම් ගලවා අරගලයට එක් වූ පොලිස් නිලධාරියෙක් පිළිබඳ මහරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාළ පොලිස් නිලධාරියා සිය පොලිස් නිල යතුරුපැදිය නවතා දමා සිය හෙල්මටය ගලවා පා ගමනින් යන විරෝධතා කරුවන්ට සහය පලකර තිබුණා.
අනතුරුව අරගලය ජය වේවා යනුවෙන් ඔහු විසින් සටන් පාඨ කියූ අතර විරෝධතාකරුවෝ ඔහුට අත්පොලසන්ද ලබා දුන්නා.
269 Views
Comments