කොස්ගොඩ පොලීස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු හදිසියේ මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

කොස්ගොඩ පොලීස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු හදිසියේ මරුට

කොස්ගොඩ පොලීස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු හදිසියේ මරුට

කොස්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඇතිවූ හදිසි අසනීපයක් හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙම තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිට ඇති අතර ඔහු ඊයේ (02) පස්වරුවේ මත්ද්‍රව්‍ය සිද්ධියකට අදාළවම අත්අඩංගුවට ගෙන ඇත.

 

කෙසේ වෙතත් පවුලේ ඥාතීන් පවසන්නේ පොලීසිය විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ තරුණයා මිය ගිය බවය.

 

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් සිර මැදිරිය තුළදී ක්ලාන්ත ගතිය ඇති වීම හේතුවෙන් අදාළ සැකකරු රෝහල් ගත කළ බවය.

 

රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරු මිය ගොස් ඇති බවද පොලීසිය සඳහන් කළේය.

views

71 Views

Comments

arrow-up