ජලභීතිකාව වැලඳී පාසල් සිසුවෙක් ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ජලභීතිකාව වැලඳී පාසල් සිසුවෙක් ජීවිතක්‍ෂයට

ජලභීතිකාව වැලඳී පාසල් සිසුවෙක් ජීවිතක්‍ෂයට

ජලභීතිකාව වැලඳීමෙන් හත් හැවිරිදි පාසල් සිසුවෙකු ගාල්ල ජාතික රෝහලේදී අද (27) මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

ඉකුත් 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 

ඉකුත් මස නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු විසින් මෙම සිසුවාගේ මුණුණ ප්‍රදේශය පහුරු ගා ඇති බවත් පසුව මේ පිළිබඳව සිසුවා විසින් කිසිවක් නිවැසියන්ට නොපවසා බිම වැටීමෙන් සිදුවූ තුවාලයක් බවට අඟවා තිබේ.

 

පසුව ජලයට සහ සුළඟට බියවී දරුවාගේ රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග ප්‍රතිකාර සඳහා සිසුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත.

 

මරණ පරීක්ෂණ අද (27) ගාල්ල ජාතික රෝහලේ දී පැවැත්වීමෙන් පසු සිරුර දෙමව්පියන්ට භාර දී තිබේ.

views

158 Views

Comments

arrow-up