අලුත් අවුරුදු සමයේ අධිවේගි මාර්ගවල ආදායම මිලියන 450 පනී

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබේ.
අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩි. කහටපිටිය මහතා සඳහන් කළේ පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා ගෙවුණු දින 10තුළ පමණක් මෙම අදායම ලබාගත් බවය.
එම කාළය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගි මාර්ගවල ගමන් කර ඇති බවද ඔහු පවසයි.
"මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 10 වනදා සිට 19 වනදා දක්වා දින 10ක් ඇතුළත අධිවේගි මාර්ගවල වාහන මිලියන 1.3ක් ගමන් කර තිබෙනවා. එයින් ආදායම රුපියල් මිලියන 462ක් හිමි වී තිබෙනවා. අද දිනයේත් වාහන විශාල ප්‍රමාණයක් ගම්බිම් බලා ගිය ජනතාව අධිවේගි මාර්ග භාවිතා කරනු ඇති බව බලාපොරොත්තු වෙනවා.
53 Views
Comments