බස් රථයක් කැබ් රියක සහ ලොරියක ගැටී සිදුවූ අනතුරින් 20කට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

බස් රථයක් කැබ් රියක සහ ලොරියක ගැටී සිදුවූ අනතුරින් 20කට තුවාල

බස් රථයක් කැබ් රියක සහ ලොරියක ගැටී සිදුවූ අනතුරින් 20කට තුවාල

අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ - ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේදී අනතුරක් සිදුව තිබේ.

 

අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයකද බස් රථය ගැටී තිබේ.

 

අනතුරින් බස් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

අනතුරින් මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

අනතුර සම්බන්ධව අග්බෝපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකයි.

views

67 Views

Comments

arrow-up