සිරි දළදා වන්දනාවට එන වාහන වලට ස්ටිකරයක්

” සිරි දළදා වන්දනාව ” ප්‍රදර්ශනය සඳහා බැතිමතුන් පැමිණෙන වාහන හඳුනාගැනීමට ස්ටිකරයක් හඳුන්වාදී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.
එහි සඳහන් ආකාරයට සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සම්බන්ධීකරණය කර ගනිමින් , වාහන වෙත මේ වන විටත් එම ස්ටිකරය නිකුත් කරන ලෙසයි.
ඒ ගැන සියලුම ස්ථානාධිපති දැනුවත් කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.
අදාළ වාහන සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන විට වාහන පහසුවෙන් හඳුනාගෙන රථ ගාල් වලට යොමු කිරීමත් , බැතිමතුන්ට අවහිරයකින් තොරව වන්දනා කටයුතු කර ගැනීමටත් ඉද සැලසීම සැලසීම මෙහි අරමුණ බව පොලිසිය සඳහන් කර සිටී.
ඒ අනුව වන්දනා කණ්ඩායම් පැමිණෙන රථයේ ඉදිරි මුහුණතෙහි වම් පස ඉහළ කෙළවරේ , පිටතට හොඳින් පෙනෙන අයුරින් එම අලවාගෙන පැමිණෙන ලෙස පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි .
53 Views
Comments