අවුරුද්දට ගෙනා චීනපටස් දත්වලින් පරික්ෂා කරන්න ගිය දන්ත වෛද්‍යවරියට බරපතළයි

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පානදුර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ, පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක රාජකාරී කරන දන්ත වෛද්‍යවරියක බවද පොලිසිය කියයි.
තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළෙඳ සලකින් චීන පටස් පහක් මිලදී ගෙන නිවසේ සාලයේ මේසය මත තබා තිබී ඇති අතර ඒ ගැන නිසි අවබෝධයක් නොමැතිව කුමක්ද යන්න සොයාබැලීම සදහා දන්ත වෛද්‍යවරිය දත් වලින් හපා පරීක්ෂා කිරීමට ගොස් මෙසේ බරපතළ තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කරයි.
චීන පටස් එක මුඛය තුළම පුපුරා යෑමෙන් පසු මුහුණ, දත් සහ මුඛයට බරපතළ තුවාල සිදුව ඇති බවත් දත් කිහිපයකට හානි සිදුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පිපිරීම සිදුවූ ස්ථානයේ පරීක්ෂා කිරීම් සිදුකර තිබේ.
120 Views
Comments