APR
12
වැඩි මිලට විකුණන්න ගෙනා බිත්තර තොගයක් මරියකඩෙන් අල්ලයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අද (12) කළ වැටලීමකදී පාලන මිල ඉක්මවා අලෙවි කිරීමට සූදානම් කර තිබූ බිත්තර 15000 ක් මරදාන මරියකඩේ වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැලක් තුළ තිබියදී සොයාගෙන තිබෙන බව වාර්තා වේ.
රජය විසින් පනවා ඇති රුපියල් 44 ක පාලන මිලට එම බිත්තර තොගය පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට වැටලීම සිදුකළ නිලධාරීහු පියවර ගෙන තිබෙන බව ද වාර්තා වේ.
236 Views
Comments