AUG
20
ඩලස්ගෙන් අගමැතිට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ නව ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේදී ජූලි 20වන දින පැවති ජනාධිපතිවරණයේ දී තමාට සහය දුන් මන්ත්‍රීවරුන්ට යම් අසාධාරණයක් සිදු වෙමින් පවතින බව දන්වමිනුයි.
එසේම මහජන නියෝජිතයන් නැවත මෙහෙයුම් කමිටු සඳහා පත් නොකිරීමට ආණ්ඩුව තුළ ඇති උනන්දුව පිළිබඳව තමා කනගාටු වන බවත් ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
239 Views
Comments