අනුරාධපුර ශික්ෂණ රෝහලේ බරපතළ ඖෂධ හිඟයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වනවිට බරපතළ ඖෂධ හිඟයක් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.
ඖෂධ හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ප්‍රදේශයේ පිළිකා රෝගීන්ට සහ වකුගඩු රෝගීන්ටය.
රෝගීන් චෝදනා කරන්නේ වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ බොහෝ ප්‍රමාණයක් අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් නිකුත් නොකරන බවයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ පවා මේ වන විට රෝහලේ නොමැති බවයි.
243 Views
Comments