රෝහල්වලට පුළුල් තිර රූපවාහිනී

රෝහල් තුළ කඩිනම් සෞඛ්‍ය පනිවිඩ ප්‍රචාරය කිරීම සඳහා පුළුල් තිර රූපවාහිනී පද්ධතියක් ස්ථාපිත කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති සවි බල ගැන්වීමේ ලෝක බැංකුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසා සිටිනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ ඊයේ(12) පැවති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.
මෙම වැඩසටහන දිවයින පුරා රෝහල් 600ක ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දැනට රෝහල් 63ක මෙම කටයුතු ආරම්භ කර ඇති බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
262 Views
Comments