“මේ ගතවෙමින් තිබෙන්නේ කොවිඩ් ඉතිහාසයේ රට තුළ වසංගතය දැඩිවම පැතීරීයන අවධියයි” - සෞඛ්‍ය අංශ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

“මේ ගතවෙමින් තිබෙන්නේ කොවිඩ් ඉතිහාසයේ රට තුළ වසංගතය දැඩිවම පැතීරීයන අවධියයි” - සෞඛ්‍ය අංශ

“මේ ගතවෙමින් තිබෙන්නේ කොවිඩ් ඉතිහාසයේ රට තුළ වසංගතය දැඩිවම පැතීරීයන අවධියයි” - සෞඛ්‍ය අංශ

දෛනිකව නිවැරදි කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා නොවන හේතුවෙන් මේ මොහොතේ  පවතින රෝගයේ සැබෑ ස්වරූපය නොපෙනන නමුත් ලෝකයේ කොවිඩ් 19 ආරම්භ වූ පසු ශ්‍රී ලංකාව තුළ වසංගතය දැඩිව පැතිරී යමින් තිබෙන්නේ මේ වකවානුවේදී  බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

 

එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මරණ සංඛ්‍යාව අඩුවෙමින් ඇති නමුත් පවතින ලිහිල් සෞඛ්‍ය මාර්ගෝපදේශන සහ මහජනතාව සෞඛ්‍ය නීති නොසලකා හැරීමෙන් ආසාදිතයින් ප්‍රමාණය සමඟ මේ තත්වය වෙනස් විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

 

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින සභාපතිවරයා පවතින විනිමය හිඟය හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල නොමැති වටපිටාවක, රෝගයේ පැතිරීම විද්‍යාත්මකව නිශ්චය කිරීම අපහසු වී ඇති පරිසරයක සුදුසුම දේ සෞඛ්‍ය නිර්නායක නිසි ලෙස පිළිපැදීම පමණක් වන බවද පෙන්වා දුන්නේය.

views

659 Views

Comments

arrow-up