"තාත්තා බීලා විකාර කරනවා.. අනේ සර් මට පාඩම් කරන්න විදියක් නෑ" - දුවගේ පැමිණිල්ලෙන් පියා කූඩුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

"තාත්තා බීලා විකාර කරනවා.. අනේ සර් මට පාඩම් කරන්න විදියක් නෑ" - දුවගේ පැමිණිල්ලෙන් පියා කූඩුවේ

"තාත්තා බීලා විකාර කරනවා.. අනේ සර් මට පාඩම් කරන්න විදියක් නෑ" - දුවගේ පැමිණිල්ලෙන් පියා කූඩුවේ

අරක්කු වලට තදින් ඇබ්බැහි වූ  පියා අසභ්‍ය වචන කියමින් කලාකාරිව හැසිරීම නිසා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දියණියට පාඩම් කිරීමට නොහැකි වීම හේතුවෙන් පොලිසිය විසින් බීමත් පියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ එම දියණිය පොලිස් හදිසි ඇමතුම් අංකයට කළ දැනුම්දීමකට අනුවයි.

 

මෙම දියණිය පළමු වසරේ සිට මේ දක්වා සෑම වාර විභාගයකම පන්තියේ පලවෙනියා වී ඇති අතර පියාට අරක්කු නොබොන ලෙස ඇයද ඇගේ සහෝදරයා සහ සහෝදරිය කෙතරම්  ඉල්ලා සිටියද ඔහු එය අත් හැර තිබුණේ නැත.

 

ඉවසීමට බැරිම තැන දැරිය මවගේ ජංගම දුරකථනයෙන් මේ පිළිබඳව පොලිසියට දැනුම්දී තිබෙනවා.

 

එහිදී ඇය පොලිසියෙන් ඉල්ලා ඇත්තේ තම පියාව බේබදු කමින් මුදවා දෙන ලෙසයි.

 

දැරියගේ දැනුම්දීමට අනුව පියාව පසුගිය 15  වනදා අත්අඩංගුවට ගැනුණු අතර  ඔහු පොලිස් සිර මැදිරියෙහි සිටින අතර වාරේ මව සමග පොලිස් ස්ථානයට පැමිණි දැරියන් දෙදෙනා තම පියාව නිදහස් කරන ලෙස හඬා වැලපී තිබෙනවා.

 

කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එළඹෙන 25 දින මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් පියාව පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

views

14759 Views

Comments

arrow-up