JUN
28
කොවිඩ් ආසාදිතයන්ගේ වෛරස ජාන විශ්ලේෂණය ඇරඹේ

මේ වනවිට රට තුළ ව්‍යාප්තව පවතින කොවිඩ් වෛරස ප්‍රභේද හඳුනාගැනීම සඳහා විශේෂ ජාන පරීක්ෂණ අද සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
මේ වන විටත් මෙරට තුලින් ඉන්දියාවෙන් ආරම්භ වූ ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇත. මෙම ප්‍රභේදය අනෙකුත් ප්‍රභේදවලට වඩා දෙගුණයක පමණ වැඩි වේගයකින් පැතිර යන බවද නිරීක්ෂණය වී ඇත.
ආරම්භ කළ නව ජාන පරීක්ෂණ වල ප්‍රතිඵල දින හතක් වැනි කාලයක් තුලදී ලබාදීමට හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
597 Views
Comments