අධිවේගය පැය 10කට වැසූ අනතුර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

අධිවේගය පැය 10කට වැසූ අනතුර

අධිවේගය පැය 10කට වැසූ අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක පිටුපස ඉන්ධන ලොරියක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසයි.

 

අනතුරින් බරපතළ තුවාල ලබා තිබෙන්නේ බවුසරයේ ගමන් ගත් පුද්ගලයෙකු සහ ලොරි රථයේ රියදුරු බවත් පොලිසිය සඳහන් කරයි.

 

එම අනතුරත් සමඟම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම, දොඩම්ගොඩ කොටසේ වාහන ධාවනය රාත්‍රී 10 සිට අලු‍යම 06 පමණ දක්වා තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බව රථවාහන පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේය.

 

කොළඹ සිට දෙනියාය දෙසට අල, ලූනු තොගයක් රැගෙන යමින් සිටි ලොරි රථයේ ටයරයක ඇති වූ ආපදාවක් හේතුවෙන් ලොරිය කිලෝමීටර් 29 දශම 9 ප්‍රදේශයේ නවතා රෝදය මාරු කරමින් සිටියදී මුතුරාජවෙල සිට ගාල්ලට පෙට්‍රල් ඉන්ධන ලිටර් 33000 රැගෙන යමින් සිටි බවුසරය ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

views

691 Views

Comments

arrow-up