වෙඩි පහරින් මියගිය පොලිස් නිළධාරීන් වෙනුවෙන් ගත් තීරණය

පොලිස් සැරයන්වරයෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්‍ෂයට පත්වූ තිරුක්කෝවිල් පොලීසියේ නිලධාරීන් සිව්දෙනාට පොලිස්පතිවරයා විසින් උසස්වීම් ලබාදී ඇතැයි මූලස්ථානය පවසයි.
මිය ගිය පොලිස් සැරයන්(44132) අබ්දුල් කාදර් මහතා උප පොලිස් පරීක්ෂකවරයෙකු වශයෙන් ද, පොලිස් කොස්තාපල් (8861) ඒ නවිනාත්, පොලිස් කොස්තාපල් (78857) ටී බී කේ පී ගුණසේකර, පොලිස් කොස්තාපල් රියදුරු (17382) ඩී.එම්.ටී එච් කුමාර මහත්වරුන් සැරයන් නිලයටද උසස් කර තිබේ.
මෙම උසස් කිරීම් දෙසැම්බර් මස(24) සිට බලපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය කියයි.
773 Views
Comments