පාඨලීගේ නඩුව ලබන මස 18 වෙනිදා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

පාඨලීගේ නඩුව ලබන මස 18 වෙනිදා

පාඨලීගේ නඩුව ලබන මස 18 වෙනිදා

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අපරික්ෂාකාරී රිය ධාවනය වෙනුවෙන් ගොනුකර තිබූ නඩුව ලබන මස 18 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා අද(28) නියෝග කර තිබෙනවා.

 

2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සන්දිප සම්පත් ගුණවර්ධන නමැති තරුණයකු බරපතළ රිය අනතුරකට ලක් කිරීම හේතුවෙන් හිටපු ඇමතිවරයාට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ගොනු කර තිබුණා.

 

මේ අනුව මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව මීට පෙර දැනුම් දී තිබූ අතර එම විරෝධතා ජූලි මස 18 වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දී තිබෙනවා.

views

202 Views

Comments

arrow-up