තවත් කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

තවත් කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

 

ඒ අනුව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා දිවුරුම් දුන් අතර, අධ්‍යාපන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ සුසිල් ප්‍රේමජයන්තයි.

 

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

 

විජයදාස රාජපක්ෂ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේත් හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේත් දිවුරුම් දුන් අතර, රමේෂ් පතිරණ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයායි.

 

මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දුයි.

 

ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

 

මෙම දිවුරුම් දීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගියා.

 

මීට පෙර මහාචාර්ය ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ලැබුවා.

views

1260 Views

Comments

arrow-up