“ඉන්ධන නෑ, කෑම නෑ” - ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට බි‍්‍රතාන්‍යයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

“ඉන්ධන නෑ, කෑම නෑ” - ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට බි‍්‍රතාන්‍යයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

“ඉන්ධන නෑ, කෑම නෑ” - ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ට බි‍්‍රතාන්‍යයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය සංචාරකයින්ට බ්‍රිතාන්‍යය රජය විසින් දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. 

 

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට සැලසුම් කරන්නේ නම් ඔවුන් පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඉන්ධන ආහාර ඇතුළු මූලික අවශ්‍යතා දැඩි හිඟයක් පවතින බවයි.

 

ආනයනය සඳහා ගෙවීමට මුදල් හිඟයක් ඇතිව තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

සිල්ලර වෙළඳසැල්, ඉන්ධන පිරවුම්, ඔසුසල් වල දිගු පෝලිම් ඇති විය හැකි බවද ඔවුන් අනතුරු අඟවා තිබේ.

 

දිනපතා විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් ඊට මුහුණ දීමට වනු ඇති බවත් ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කිරීමට ත‍්‍රස්තවාදීන් උත්සාහ කරනු ඇති බවත් විදේශික සංචාරකයින් ගැවසෙන ස්ථාන ප‍්‍රධාන ඉලක්ක විය හැකි වුවත් ඔවුන් අනතුරු අඟවා ඇත.

views

735 Views

Comments

arrow-up