බූලිවලට ඉන්ධන දීම ගැන තීරණයක්..!

විදුලි අර්බුදය සේම ඉන්ධන අර්බුදයද මෙතෙක් ස්ථිර විසදුමක් ලැබී නොමැති අර්බුදයක්.
ඉන්ධන පිරවූ නැව් මෙරටට පැමිණියත් අදත් දිවයිනේ ප්‍රදේශ රැසක පිරවුම්හල් අසල දිගු පෝළිම් පැවතුණා.
ඒ අතරින් වැඩි වශයෙන් දක්නට ලැබණේ ඩීසල් පෝළිම්.
බොහෝ පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු දක්නට ලැබුණා.
ඇතැම් පුද්ගලයින්ට පැය ගණනක් ඉන්ධන පෝළිම්වල රැදී සිටීමටයි සිදු වුණේ.
කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ ඉන්ධන බෙදා හැරීම මේ වන විට හැකි උපරිම අයුරින් සිදුකරන බවයි.
එමෙන්ම ඉදිරියේදී කෑන් සහ බූලිවලට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන්ද තීරණයක් ගන්නා බව ඔහු පැවසුවා.
599 Views
Comments