රියැදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

රියැදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී

රියැදුරු බලපත්‍ර මුද්‍රණයත් නවතී

රියදුරු බලපත් මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා සුහුරු කාඩ්පත් ගෙන්වීමට විදේශ විනිමය නොමැති වීමෙන් ජනවාරි මාසයේ සිට මුද්‍රණය කළ යුතුව තිබෙන රිය බලපත් දෙලක්ෂ අට දහසක් පමණ මුද්‍රණය කරගත නොහැකි වී ඇතැයි මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් අනාවරණය වෙයි.

 

 

රිය බලපත්‍් මුද්‍රණය කිරීම සඳහා යොදාගනු ලබන සුහුරු කාඩ්පත් මිලියනයක් ඔස්ට්‍රියාවෙන් ආනයනය කර ඇතත් ඒ සඳහා ගෙවිය යුතු යූරෝ හයලක්ෂ අනූ දහසක (690 000) විදේශ විනිමය මහා භාණ්ඩාගාරයේ නොමැති වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ ප්‍රධානියකු අරුණ කළ විමසුමකදී සඳහන් කළේය.

views

734 Views

Comments

arrow-up