MAR
01
මෙරට සිටින යුක්රේනුවන්ගේ වීසා දීර්ඝ කරයි

මෙරට රැඳී සිටින යුක්‍රේන සංචාරකයන්ගේ වීසා කාලය මාස දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ (28)රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
සංචාරය සඳහා පැමිණි යුක්‍රේන ජාතිකයන් හාර දහසක් පමණ මෙරට රැඳී සිටින බව ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත .
525 Views
Comments