විදුලි බිල අඩු පොලියට ටික ටික ගෙවන්න සහන කාලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

විදුලි බිල අඩු පොලියට ටික ටික ගෙවන්න සහන කාලයක්

විදුලි බිල අඩු පොලියට ටික ටික ගෙවන්න සහන කාලයක්

විදුලි බිල ගෙවීම සඳහා පාරිභෝගිකයන්ට මාස 24 කින් වාරික ලෙස ගෙවීමට සහන කාලයක් ලබා දී ඇත.

 

මේ බව ඊයේ දින මාධ්‍ය හමුවක දී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අදහස් දක්වා ඇත.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කර සිටියේ විදුලිය බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දුන්නද ඒ සඳහා සුළු පොලියක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදු වන බවයි.

 

මේ අනුව ඉදිරියේදී ඒ අය කරන ලබන පොලී ප්‍රතිශත සහ එම මුදල් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

views

808 Views

Comments

arrow-up