SEP
15
හෙරොයින් සමඟ හතළිස් එකේ කත අත්අඩංගුවට

අනුරාධපුර කොට්ඨාස විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත අනුරාධපුර-විජිතපුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් සමග සැකකාර කතක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර වයස හතළිස් එක් හැවිරිදි වියේ පසුවෙයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රැම් 400ක් තිබූ බව වාර්තා වේ.
සැකකාරිය අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
938 Views
Comments