විදුලි බිල 32%කින් ඉහළ දැමීමේ යෝජනාවක්

ඉදිරි මාස තුනක කාලයක් සඳහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රුපියල් බිලියන පනස්හතරක මුදලක් උපයා ගැනීමට විදුලි ගාස්තු 32% කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
දැඩි නියඟය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අඩුවීම නිසා මෙගාවොට් 3500 ක විදුලිය නිෂ්පාදනය කිරීම දැඩි අර්බුදයකට ලක්විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ අදහස වී ඇති අතර ඒ අනුව දැනට විදුලි ඒකකයක් සඳහා සාමාන්‍යයෙන් අයකරන රුපියල් 42 ක මුදල රුපියල් 56 දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ.
2022 වසරේ අගෝස්තු සිට මේ දක්වා විදුලි ගාස්තු සංශෝධන තුනක් සිදුකර ඇති අතර යෝජිත ගාස්තු ඉහළ දැමීම සිදුකළහොත් වසරක කාලයක් තුළ ගාස්තු 200% කට අධික ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ.
1306 Views
Comments