වැසි වැස්සත් ජලාශවල ජල ධාරිතාව වැඩි වී නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

වැසි වැස්සත් ජලාශවල ජල ධාරිතාව වැඩි වී නැහැ

වැසි වැස්සත් ජලාශවල ජල ධාරිතාව වැඩි වී නැහැ

මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තැනින් තැන වැසි ලැබුණත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල ජල ධාරිතාව මෙතෙක් වැඩිවීමක් සිදුවී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 හි ජල ධාරිතාව අක්කර අඩි ලක්ෂ 8 ක් පමණ බවයි. 

 

එය ප්‍රතිශතයක් වශයෙන් ජලාශවල පැවතිය යුතු ජල ධාරිතාවෙන් 27% කි.

 

වසර ගණනාවක ජලාශවල ජල ධාරිතාවේ වෙනස් වීම අධ්‍යයනය කිරීමක් මේ වනවිට සිදු කර ඇති බවත් මේ දිනවල පැවතිය යුතු ජල ධාරිතාවේ සාමාන්‍යයට වඩා 3% ක අඩු ජල ධාරිතාවක් දැනට ජලාශවල පවතින බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

views

277 Views

Comments

arrow-up