මුතුරාජා හස්තියාගේ දකුණු ඇසේ සුද මතුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

මුතුරාජා හස්තියාගේ දකුණු ඇසේ සුද මතුවෙයි

මුතුරාජා හස්තියාගේ දකුණු ඇසේ සුද මතුවෙයි

මුතුරාජා හස්තියා වසර 22ක කාලයක් මෙරට රැඳී සිට රෝගාතුරවී නැවත තායිලන්තයට රැගෙන ගිය අතර ඔහු මේ වන විට තායි රජුගේ භාරයට ගෙන තිබේ.

 

 

මුතුරාජා හස්තියා සක් සුරින් ලෙස තායිලන්තය විසින් හඳුන්වන හස්තියා මේ වනවිට ලම්පන් හී අලි සංරක්ෂණාගාරයක රඳවා ප්‍රතිකාර කරනු ලබයි.

 

 

පසුගිය 02 වනදා මුතුරාජා හස්තියා ව තායිලන්තය වෙත විශේෂ ගුවන් යානය මගින් රැගෙන යන ලදී.

 

 

ඒ අනුව තායිලන්ත රජු, මහා වජිරලොන්කොන් තීරණය කර තිබෙන්නේ මුතුරාජා හස්තියාට සිය භාරකාරීත්වය යටතේ රැකවරණය ලබාදීමටය.

 

 

එරට පරිසර අමාත්‍ය වරවුට් සිල්පා ආචා මහතා හස්තියාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කළ අතර ඔහු  පවසන්නේ, මුතුරාජාගේ ඉදිරිපස වම්කකුල නැවීමට නොහැකි අතර පිටකොන්දේ ආසාදනයට ලක්වී තුවාල ඇති බවත්, කකුල් හතරේම යටි පතුල්වල සහ නියපොතුවල ආබාධ පවතින බවත් විශේෂයෙන්ම දකුණු ඇසෙහි සුද මතුවී ඇති බවත්ය.

 

 

පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ තායිලන්තය විසින් සුහඳතා තානාපතින් ලෙස විදේශ රටවලට පරිත්‍යාග කෙරෙන හස්තීන් බොහෝ දෙනෙකු එම රටවල් ඉතා හොඳින් රැකබලා ගෙන ඇති බවයි.

 

 

views

239 Views

Comments

arrow-up