NOV
25
ජල හා විදුලි ගාස්තු ඉහළ නැංවීම ප්‍රමාණවත් නෑ. ඇමතිවරු කියයි

2023 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය වන අද (24) දින විවාදයට ගැණුනේ විදුලිබල හා බලශක්ති සහ ජල සම්පාදන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.
එම අවස්ථාවට එක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ ඉහළ නැංවූ විදුලි ගාස්තුව ප්‍රමාණවත් නොමැති බවයි.
එසේම ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනයක් ද සිදුකළ යුතු බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කර තිබුණි.
273 Views
Comments