දෙවැනි වාර විභාගයේ විද්‍යා ප්‍රශ්නපත්‍රය කලින් පිටවෙලා

බස්නාහිර පළාත් 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවැනි වාර විභාගයේ අද (18) දිනයේ ලබා දීමට නියමිත විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවී තිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල් කිහිපයක එම ප්‍රශ්නපත්‍රය ලබා දීම අත්හිටුවීමට තීරණය කොට ඇති බවයි වාර්තා වන්නේ.
දෙවනවාර විභාගයේ ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල් වලට සකස් කොට ලබා දෙන අතර පාසල්වල විභාග අංශ හරහා එම ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කොට අදාළ දිනයට සිසුන්ට බෙදා දීමක් සිදු වෙනවා. ඒ ඉතා රහසිගත ලෙසයි. නමුත් මෙවර විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටව තිබෙනවා.
සිසුන් බොහෝ දෙනෙකු හට මෙම ප්‍රශ්න පත්‍රය WhatsApp මාර්ගයෙන් ලැබී ඇතැයි ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස්ගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.
229 Views
Comments