ඩීසල් හා භූමිතෙල් මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430ක් වන අතර ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 365ක් වේ.
ඊට සමගාමීව ලංකා IOC සමාගම ද ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ලංකා IOC සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 430කි.
එසේ ම ලංකා IOC සමාගම එස්ට්‍රාමයිල් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 475කි.
187 Views
Comments