ව්‍යාපාරික කෝටිපතියාගේ නිකටට තැබූ උණ්ඩය මොළය පසාරු කරගෙන ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

ව්‍යාපාරික කෝටිපතියාගේ නිකටට තැබූ උණ්ඩය මොළය පසාරු කරගෙන ගිහින්

ව්‍යාපාරික කෝටිපතියාගේ නිකටට තැබූ උණ්ඩය මොළය පසාරු කරගෙන ගිහින්

දිගන කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව නිකට යටින් තබන ලද ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් මොළේ පසාරු කරගෙන යෑම නිසා ඇති වූ තුවාල සහ රුධිර වහනය බවට මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුබ්‍රමනියම් මහතා නිගමනය කර ඇත.

 

මහනුවර ජාතික රෝහලේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා එම නිගමනයට එළඹ ඇත. දිගන ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන දොන් මංගල ගුණවර්ධන නමැති අය දිගන නගරයේ පිහිටි ඔහුගේ ව්‍යාපාරික ස්ථානය තුළ දී වෙඩි තබා ගැනීමෙන් පසුව මහනුවර රෝහලට ඇතුළත් කෙරිණි. රෝහල්ගත කරන විට ද මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

මෙම වෙඩි තබා ගැනීම සිදුවන අවස්ථාවේදී ඔහුගේ කාර්යාලය තුළ සේවිකාවන් දෙදෙනකු හා රියදුරු සිට ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

 

මරණයට අදාළ තොරතුරු මේ වන විටත් පරීක්ෂණ ඔස්සේ සොයා බලමින් සිටින බව ද මරණයට හේතුව තව වනතුරු නිශ්චය කරගැනීමට නොහැකි වූ බවද පොලිසිය පවසයි.

 

දෙදරු පියකු වන මංගල ගුණවර්ධන රුපියල් කෝටි ගණනින් මුදල් පොලියට ලබා දෙමින් ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත. ඊට අමතරව ව්‍යාපාර රැසක් පවත්වා ගෙන ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

views

226 Views

Comments

arrow-up