ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයට බෝතල් ප්‍රහාරයක් එල්ල කළ තිදෙනා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයට බෝතල් ප්‍රහාරයක් එල්ල කළ තිදෙනා අත්අඩංගුවට

ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයට බෝතල් ප්‍රහාරයක් එල්ල කළ තිදෙනා අත්අඩංගුවට

යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයට වීදුරු බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

යාපනය කයිතඩි මාර්ගයේ පිහිටි මෙම කාර්යාලයට 9 දා රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී තිබිණි.

 

කාර්යාලය ඉදිරි පිටින් ගමන් කළ මෝටර් රථයක සිටි තරුණයන් තිදෙනකු වීදුරු බෝතලයකින් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ බවට යපනය පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

 

ඒ අනුව ඔවුන් තිදෙනා හා මෝටර් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වයි.

 

මේ ප්‍රහාරය හේතුවෙන් කොන්සෝල් ජනරාල් කාර්යාලයේ වීදුරු කිහිපයකට සුළු අලාභ හානි සිදුව තිබුණු අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

views

212 Views

Comments

arrow-up