බලපත්‍ර රහිතව මී හරක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

බලපත්‍ර රහිතව මී හරක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

බලපත්‍ර රහිතව මී හරක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

අද (05) පෙරවරුවේ වව්නියාව තාණ්ඩිකුලම් A9 මාර්ගයේ දී බලපත්‍ර රහිතව මී ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වව්නියාව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ කර ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

 

ගවයන් ප්‍රවාහනය කිරීමට යොදාගත් කැබ් රථය සමඟ එහි සිටි එළ ගවයන් 10ක් හා මී ගවයන් 02ක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ත් 39ත් අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

views

270 Views

Comments

arrow-up