දිස්ත්‍රික්ක කිහිපයකට වැසි - මුහුදු ප්‍රදේශද රලුවේ

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු සහ උතුරු-මැදපළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 පමණ තරමක තද සුළං බලාපොරොත්තුවේ.
සබරගමුවසහ මධ්‍යම පළාත්වලඋදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.
මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවිටින් විට මද වශයෙන් රළු විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තදසුළංසමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
652 Views
Comments