ඔමික්‍රෝන් රටම හොල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

ඔමික්‍රෝන් රටම හොල්ලයි

ඔමික්‍රෝන් රටම හොල්ලයි

මෙරට වේගයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

 

වෛද්‍ය අන්වර් හම්දානි මහතා,

 

"ඔමික්‍රෝන් සංඛ්‍යාව 250ත් 270ත් අතර වාර්තාවීමකට යටත් වෙනවා. මේ වෙද්දි සක්‍රීයව රෝහල්වල ප්‍රතිකාර ගන්නා සංඛ්‍යාව දළ වශයෙන් 5,400ක් වගේ වෙනවා. ඇඳවල් ධාරිතාවයෙන් 40%ක පමණ රෝගීන් දැන් ප්‍රතිකාර ලබාගන්නවා. රෝහල්ගතවීම 10% වගේ ඉහළ ගිහින්. දෛනික ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව 8%කින් වැඩිවෙලා. ඉදිරියේදී එන්නත් සම්බන්ධයෙන් නීති රාමුවක් තුළ කටයුතු කරන්න බලාපොරොත්තුවෙනවා."

 

මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව සිව්වන දිනටත් ඊයේ 800 සීමාව ඉක්මවා ගියේය.

views

743 Views

Comments

arrow-up