දේශීයව නිෂ්පාදනය කළ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

දේශීයව නිෂ්පාදනය කළ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

දේශීයව නිෂ්පාදනය කළ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

දේශීයව නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන රිවෝල්වරයක් ආකාරයේ ගිනි අවියක් සහ එයට යොදන උණ්ඩ සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම ගිනි අවිය සහ උණ්ඩ තල්අරඹ ප්‍රදේශයේ නිවසක් පිටුපස කෙසෙල් පඳුරක් යට වල දමා තිබියදී සොයා ගැනුණා.

 

මෙම ගිනි අවිය එකවර 9mm උණ්ඩ පහක් යෙදිය හැකි වන පරිදි නිෂ්පාදනය කර ඇති බවයි නිලධාරීන් පවසන්නේ.

 

අත්අඩංගුවට පත් 31 හැවිරිදි සැකකරු ඉදිරි කටයුතු සඳහා කොටවිල පොලීසියට භාරදී තිබෙනවා.

views

351 Views

Comments

arrow-up