බැදුම්කර නඩුව විභාගයට දින නියම වේ

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ මහ බැංකු වංචාව පිළිබඳව නඩු විභාග එළඹෙන ඔක්තෝම්බර් 25 වනදා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබෙනවා.
නඩුවට අදාළව ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද විත්ති පාර්ශවයේ නීතිඥයින් වෙත ලබා දී ඇති අතර එම කරුණු අධ්‍යයනය කර ඒවායේ අඩුපාඩු ඇත්නම් දැනුම්දීමට 25 වනදාට අවස්ථාව හිමිවනු ඇත.
951 Views
Comments