අඹන්පොල ග්‍රාම නිලධාරී වරයාව කපා කොටා ඝාතනය කෙරේ

කුරුණෑගල අඹන්පොළ දකුණ භාරව සේවය කළ ග්‍රාම නිලධාරිවරයා කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
මියගිය ග්‍රාම නිලධාරිවරයා වයස අවුරුදු 50 ක් වන දෙදරු පියෙකි.
ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගි වීමට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින අතරතුර වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස ඔහුව ඝාතනය කර තිබෙනවා.
ඝාතනය සිදුකළ සැකකරුවන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඇති අතර සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
1090 Views
Comments