නැවුම් බලාපොරොත්තු රැසක් සමගින් 2025 වසර උදාවෙයි - රට පුරා සැමරුම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
01

නැවුම් බලාපොරොත්තු රැසක් සමගින් 2025 වසර උදාවෙයි - රට පුරා සැමරුම්

නැවුම් බලාපොරොත්තු රැසක් සමගින් 2025 වසර උදාවෙයි - රට පුරා සැමරුම්

2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි.


පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදාවුණි.


ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට නව වසර උදාවූයේ ඉන් අනතුරුවය.


විවිධ සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා සඳහා සම්බන්ධ වෙමින් 2025 නව වසර පිළිගෙන තිබුණි. 


නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ඊයේ (31) රාත්‍රියේ ගාලු‍ මුවදොර පිටියට සහ කොළඹ අශ්‍රිත ප්‍රදේශ රැසකට එක් ව සිටි බව වාර්තාවෙයි.


දිවයිනේ ස්ථාන බොහොමයක මල්වෙඩි සංදර්ශන ඇතුළු ගිනිකෙළි සංදර්ශන රැසක් පැවති බව සඳහන්ය.


ලැබුවාවු 2025 නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවායි “ආයුබෝ අපි” සියලු‍දෙනාට ප්‍රාර්ථනා කර සිටිමු.

views

150 Views

Comments

arrow-up