මිතුරන් දෙදෙනාගේ ආරවුල මරණයකින් කෙළවර වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

මිතුරන් දෙදෙනාගේ ආරවුල මරණයකින් කෙළවර වෙයි

මිතුරන් දෙදෙනාගේ ආරවුල මරණයකින් කෙළවර වෙයි

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ සිරුරක් පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ තිබී සොයාගෙන ඇත.

 

මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුව ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.

 

ඝාතනයට ලක්වූ පුද්ගලයා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට සැක කෙරෙයි.

 

ඝාතනය සිදුකළ බවට සැකකරන පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි.

 

පානදුර උතුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

132 Views

Comments

arrow-up