රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නැහැ - ජනපතිගෙන් සහතිකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නැහැ - ජනපතිගෙන් සහතිකයක්

රාජ්‍ය සේවය කප්පාදු කරන්නේ නැහැ - ජනපතිගෙන් සහතිකයක්

කිසිදු අයුරකින් රාජ්‍ය සේවය කප්පාදු කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ  අද (20) පැවැති දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි. 

 

එහිදි ජනාධිපතිවරයා පැවසුවේ රාජ්‍ය සේවය කප්පාදු නොකරන නමුත් රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා දරන වැය බර සම්බන්ධව ගැටලුවක් ඇති බවය.

 

මේ හේතුවෙන් එක් අධිෂ්ඨානය සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

 

එමෙන්ම මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් මෙම කර්තව්‍ය සාර්ථක වනුයේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

 

ජන වරමේ අපේක්ෂාවන් 80%ක්ම පෙන්වා ඇත්තේ රාජ්‍ය සේවකයන් බැවින් දේශපාලන අධිකාරියේ කාර්යයන්ට සිය කැමැත්ත, අනුමැතිය ලබා දී ඇති බවත් මෙම ද්විත්වය පරස්පර කණ්ඩායම් දෙකක් නොවන සමපාත කණ්ඩායම් දෙකක් බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. 

 

එසේම ජනතාව සම්බන්ධ ව්‍යාපෘතිද යළි සමාලෝචනය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කරන බවත්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය නව වසරේ ජනවාරි 01 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

views

303 Views

Comments

arrow-up