අද උතුම් උඳුවප් පුර පසළොස්වක පොහෝය දිනයයි

ලොවපුරා බෞද්ධයන් මහත් භක්තියෙන් වන්දනා මාන සිදුකරන වසරක අවසානය සනිටුහන් කරන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි(14).
මෙරට බෞද්ධයන්ට ශාසනික වශයෙන් උඳුවප් පොහොය ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස සැලකේ.
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින 07ක මුහුදු තරණයකින් පසුව ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂිණ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහොය දිනකය.
සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග තවත් භික්ෂූණීන් 11 නමක් එදින ලංකාවට වැඩම කළ අතර මෙරට මෙහෙණි සස්න පිහිටුවීම සිදුව තිබේ.
උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත් සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද සිරිපා වන්දනා සමය ආරම්භ වීමයි.
141 Views
Comments