පරිභෝජනයට නුසුදුසු පාන්පිටි ගබඩාවක් වටලයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

පරිභෝජනයට නුසුදුසු පාන්පිටි ගබඩාවක් වටලයි

පරිභෝජනයට නුසුදුසු පාන්පිටි ගබඩාවක් වටලයි

බදුල්ල මයිලගස්තැන්න ගබඩාවක තිබී පරිභෝජනයට නුසුදුසු පාන්පිටි මිටි 58ක් බදුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් අද (07) සොයාගෙන තිබේ.

 

රජයට අයත් මෙම ගබඩාව බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කුලී පදනම මත ලබාගෙන පවත්වාගෙන යනු ලබන ගබඩාවක් බවද අනාවරණය වී තිබේ.

 

සෞඛ්‍ය අංශ විසින් මෙම පාන්පිටි තොගය සොයාගනු ලබන අවස්ථාව වන විටත් එම පාන් පිටි මීයන් විසින් හානි කර ඇති අයුරු සහ මීයන්ගේ මුත්‍රා සහ වසුරු ඒවායේ තිබූ බවත් වැටලීම සිදුකළ සෞඛ්‍ය බලධාරීන් පැවසූහ.

 

වැටලීම් සිදුකළ මෙම ගබඩාව සම්බන්ධව බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා නර නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.

views

123 Views

Comments

arrow-up