කථානායක අශෝක රංවල සිය ධුරයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම්දෙයි

කථානායක අශෝක රංවල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව නිල වශයෙන් දැනුම් දී ඇත.
ඊට අදාළ තීරණය ඒ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් මගින් නිකුත් කර තිබේ .
සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතුවීම මත ඊට අදාල ඇතැම් ලියකියවිලි මේ මොහොතේ ඉදිරිපත් කිරීමට තමා සතුව නොමැති බැවින් මෙම තීරණය ගත් බව සඳහන් කරයි.
එසේම තමාට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින බව ද ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කරන බව ද සිය නිවේදනයෙහි වැඩි දුරටත් සදහන් කර ඇත.
124 Views
Comments