බීමතින් රිය පැදවූ 251ක් මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

බීමතින් රිය පැදවූ 251ක් මාට්ටු

බීමතින් රිය පැදවූ 251ක් මාට්ටු

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ 251 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

මේ අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම යටතේ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් ඇතුළුව සමස්ත රියදුරන් 8,747කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

 

උත්සව සමයේ රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් යුතුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ඉකුත් 23 වනදා සිට මෙම විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක වේ.

 

මේ අතර පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු මාරක රිය අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය පවසයි.

 

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා මෙම රථවාහන මෙහෙයුම සිදු කෙරේ.

views

121 Views

Comments

arrow-up