අල්ලස් ලෙස කුකුල් මස් කිලෝවක් ගත් ආදායම් නිලධාරියෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
25

අල්ලස් ලෙස කුකුල් මස් කිලෝවක් ගත් ආදායම් නිලධාරියෙක් අත්අඩංගුවට

අල්ලස් ලෙස කුකුල් මස් කිලෝවක් ගත් ආදායම් නිලධාරියෙක් අත්අඩංගුවට

කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් ආදායම් නිලධාරියෙක් සහ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොස්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසික් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය.

 

පැමිණිලිකරුට අයත් වෙළෙඳසැලේ ලබන වර්ෂයට අදාළ වෙළෙඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා මෙම සැකකරුවන් අල්ලස් ලෙස රුපියල් 1,170ක් වටිනා කුකුළු මස් කිලෝවක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

 

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සකකරුවන් දෙදෙනා පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ වෙළෙඳසැල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වේවැල්දෙණිය උප කාර්යාලයේ සේවය කරන ආදායම් නිලධාරියෙකු සහ මීරිගම ප්‍රාදේශීය සභාවේ මාර්ග අංශයේ සේවය කළ කම්කරුවෙක් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.

 

සැකකරුවන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්ෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

133 Views

Comments

arrow-up